XStream.lk

Inferno

HD 95 min 1999

Inferno

6.1

1999 සැප්තැම්බර් 25 දින නිකුත් වුනු ජනප්‍රිය සටන් නලු වෑන් ඩෑම්ගේ Inferno හෙවත් Desert Heat ෆිල්ම් එකට තමයි අද උපසිරැසියක් එක් කලේ. විනාඩි 95 ක ධාවන කාලයකින් යුතු Action / Comedy / Drama / Romance වර්ගයේ චිත්‍රපටයක්. 1961 ජපන් සමුරායි චිත්‍රපටයක් වූ Akira Kurosawa ගේ Yojimbo චිත්‍රපටය තමයි මේකට පාදක වෙලා තියෙන්නෙ. හැබැයි මෙහි නිෂ්පාදක කණ්ඩායම ඒ චිත්‍රපටය මුලුමනින්ම අමතක කරලා නෑ. කළගුණ සැලකීමක් වගේ, ෆිල්ම් එක තුල එක අවස්ථාවක ඒ “යොජිම්බෝ” චිත්‍රපටය ගැන සඳහන් කිරීමක් කරනවා. Jean-Claude Van Damme (එඩී ලෝමැක්ස්) සමග Pat Morita (ජූබල් අර්ලි), Danny Trejo (ජොනී / සික්ස් ටෝස්), Gabrielle Fitzpatrick (රොන්ඩා) සහ Jaime Pressly (ඩොටී) රංගනයෙන් එකතු වෙනවා. හිටපු සොල්දාදුවෙක් වන එඩී ලෝමැක්ස් සම්පූර්ණයෙන්ම තහවුරු නොකළ හේතූන් මත ජීවිතයෙන් බොහෝ වෙහෙසට පත්ව, ඒ සියල්ල අවසන් කිරීමට හිතාගෙන සියදිවි නසාගන්න කාන්තාරයට මෝටර් බයික් එකෙන් යනවා. අවසාන වශයෙන් එම ප්‍රදේශයේ සිටින ඔහුගේ පැරණි හමුදා සගයෙක් වන, ඔහුගේ හොඳම යාලුවා, ජොනී හෙවත් සික්ස් ටෝස්ට ඔහුගේ බයික් එක තෑග්ගක් ලෙස දෙන්නයි එඩීගෙ අරමුණ. නමුත් කාන්තාරෙදි හමුවන, එම පළාතේ ප්‍රධාන ජාවාරම්කරුගේ පුතුන් තිදෙනා එඩීට මැරෙන තරමට පහරදී, ඔහුගේ බයික් එක අරගන්නවා. මේ නිසා සියදිවි නසාගැනීමේ මාවතක සිටි එඩීව පළිගැනීමේ මාවතකට යොමු කරනවා.

Country
Released
25 Sep, 1999
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie