ඔන්න මේක නම් 2026 පෙබරවාරි මාසේ රිලීස් වෙලා, මේ අප්‍රේල් 1 වෙනිදා ඉඳන් Netflix එකටත් ආපු අලුත්ම අලුත් කොරියන් Action ෆිල්ම් එකක්. ‘Humint’ කියන්නේ මිනිස් ඔත්තුකරුවන් හරහා තොරතුරු ගන්නවා කියන එකට. කතාව යන්නේ රුසියාවේ Vladivostok නගරය පාදක කරගෙන. දකුණු කොරියානු ඔත්තු සේවා නිලධාරියෙක් වෙන ‘Zo In-sung’ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරමක් පස්සේ පන්නනවා. හැබැයි මේ ගේමට උතුරු කොරියානු ඔත්තුකරුවෙකුත් මැදිහත් වෙනවා. එකිනෙකාට සැක කරන, කවදාවත් එකඟ වෙන්නේ නැති මේ දෙන්නාට සිද්ධ වෙනවා එකතු වෙලා රුසියානු පාතාලය එක්ක හැප්පෙන්න. The Berlin File, Escape from Mogadishu වගේ සුපිරි Action ෆිල්ම් හදපු Ryoo Seung-wan තමයි මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ. ඒ නිසා ෆයිට්ස් සහ ඇක්ෂන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන් Non-stop Action තියෙන ෆිල්ම් එකක්. මේක දැන් ලෝකේ වටේම Netflix Top 10 ලිස්ට් වලටත් ඇවිල්ලා තියෙන නිසා, කොරියන් Spy කතා වලට ආස අය අනිවාර්යයෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්!