XStream.lk

Human Resource

HD 122 min 2026

Human Resource

6.3

ජීවත් වෙන්න තියෙන අමාරුව, රැකියා ස්ථානයේ තියෙන පීඩනය, ආර්ථික අර්බුද, දූෂිත පරිසරය… මේ දේවල් එක්ක අලුත් ජීවියෙක් මේ ලෝකෙට ගේන එක සාධාරණද? මේ ප්‍රශ්නය තමයි 2025 වසරේ වෙනිස් සිනමා උළෙලේදී (Venice 2025) පවා දැඩි කතාබහකට ලක්වුණු, තායිලන්තයේ අතිදක්ෂ සිනමාකරු Nawapol Thamrongrattanarit ගේ අලුත්ම සිනමා සිත්තම වන Human Resource (2025) තුළින් අසන්නේ. Fast & Feel Love, Happy Old Year වැනි ජනප්‍රිය නිර්මාණ බිහිකළ ඔහුගේ, මෙවර නිර්මාණය Slow-burn Indie Drama ශානරයේ විශිෂ්ටතම උදාහරණයක්.Fren (Prapamonton Eiamchan) කියන්නේ අතිශය කාර්යබහුල, දැඩි ආයතනික සංස්කෘතියක් තියෙන සමාගමක HR කළමනාකාරවරියක්. ඇගේ ආයතනයේ ප්‍රධානියා වන Jak කෙතරම් කෝපාවිෂ්ඨ පුද්ගලයෙක්ද කිවහොත්, ඔහු සේවකයින්ට කඩදාසිවලින් පවා දමා ගසනවා. මේ පීඩනය දරාගත නොහැකිව ඇයගේ සමීපතම සේවිකාවක වන June හදිසියේම මිය යනවා. මේ සියල්ල අතරතුර, Fren දැනගන්නවා ඇය ගැබ්ගෙන ඇති බව. පරිසර දූෂණය (PM 2.5 ගැටළු, ජලයට කැඩ්මියම් එකතුවීම), අපරාධ සහ සමාජ අර්බුද පිරුණු මේ ලෝකයට ඇය තමන්ගේ දරුවාව ගෙන ආ යුතුද? තායිලන්ත නීතියට අනුව මාස 3ක් (සති 12ක්) ඇතුළත ගබ්සාවක් සිදු කිරීමට නීතියෙන් අවසර තිබෙනවා. Fren සහ ඇගේ සැමියා වන Thame (Paopetch Charoensook) මේ දැවැන්ත තීරණය ගන්නේ කෙසේද යන්න මෙම චිත්‍රපටය පුරාවටම ඉතාම තාත්විකව සහ සංවේදීව නිරූපණය කර තිබෙනවා.

Country
Genre
Released
29 Jan, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Sambhavam Adhyayam Onnu
127 min 2026

Sambhavam Adhyayam Onnu

Fantasy Movie
Youth
141 min 2026

Youth

Comedy Movie
Sosok Ketiga: Lintrik
117 min 2025

Sosok Ketiga: Lintrik

Drama Movie
Band Melam
141 min 2026

Band Melam

Romance Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Once We Were Us
115 min 2025

Once We Were Us

Romance Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie