XStream.lk

Highlander: Endgame

HD 87 min 2000

Highlander: Endgame

4.8

ඔන්න එහෙනම් මගේ 163 වැනි උපසිරැසි නිර්මාණය විදිහට, ලොව පුරා අතිශය ජනප්‍රිය වුණු “Highlander” සිනමා විශ්වයේ හතරවැනි දිගහැරුම ඔබ වෙත අරගෙන ආවා. මම මීට කලින් මෙම සිනමා මාලාවේ දෙවැනි (Highlander II: The Quickening) සහ තෙවැනි (Highlander III: The Sorcerer) චිත්‍රපට සඳහා උපසිරැසි ලබා දුන්නා මතක ඇති. පළමු චිත්‍රපටය හැර මෙම සිනමා මාලාවේ අනෙකුත් සියලුම නිර්මාණ උපසිරැසි ගැන්වීමේ වගකීම මම බාරගත් නිසා, අද එහි හතරවැනි කොටස වන “Highlander: Endgame” මෙලෙස ඉදිරිපත් කරනවා. ඒ වගේම මෙහි පස්වැනි චිත්‍රපටයත් (Highlander: The Source) ඉතා ඉක්මනින්ම ඔබ වෙත ගෙන එන බව සතුටින් මතක් කරනවා. චිත්‍රපටය ගැන කෙටියෙන්: මෙම චිත්‍රපටයේ ඇති සුවිශේෂත්වය තමයි, Highlander සිනමා මාලාවේ ප්‍රධාන චරිතය වන කොනර් මැක්ලවුඩ් (Christopher Lambert) සහ Highlander රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිතය වන ඩන්කන් මැක්ලවුඩ් (Adrian Paul) යන දෙදෙනාම ප්‍රථම වතාවට එකම තිරයක් තුළ මුණගැසීම. වසර ගණනාවක් පුරා තමන් ආදරය කරන අය මියයනු බලා සිටීමෙන් හෙම්බත් වී සිටින කොනර්, “සැන්ක්චුවරි” (Sanctuary) නමැති ආරක්ෂිත ස්ථානයකට වී විශ්‍රාම සුවයෙන් පසුවෙනවා. නමුත් අතීතයේ සිට පැමිණෙන ඉතා බලවත් සහ දරුණු අමරණීය සතුරෙකු වන “ජේකබ් කෙල්”, සියලුම අමරණීයයන් මරා දමමින් තම බලය වැඩිකර ගැනීමට උත්සාහ කරනවා. මෙම බලවත් සතුරාව පරාජය කිරීමට නම් අමරණීයයන් දෙදෙනාටම එකට එකතු වීමට සිදුවෙනවා. නමුත් “අවසානයේ ඉතිරි විය හැක්කේ එක් අයෙකු පමණි” (There can be only one) යන නීතිය හමුවේ ඔවුන්ට මුහුණ දීමට සිදුවන අභියෝගය කුමක්ද?

Country
Released
01 Sep, 2000
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie