නීතිය, යුක්තිය සහ අපරාධය අතර ඇති තුනී රේඛාව මුළුමනින්ම බොඳ වී ගියහොත් කුමක් සිදුවේවිද? පැමිණිලිකරුත්, විත්තිකරුත් එකම පුද්ගලයෙකු වන අමුතුම නඩුවක් ගැන ඔබ අසා තිබෙනවාද? Euphoria (2026) යනු ප්‍රේක්ෂකයාගේ මනස සමඟ සෙල්ලම් කරන, තෙළිඟු සිනමාවෙන් බිහිවූ නවතම Legal Thriller සලකුණයි.තමන් විසින්ම බිහිසුණු අපරාධයක් කර, තමන්ම අධිකරණයට භාර වී තමන්ටම එරෙහිව නඩු පවරන පුද්ගලයෙකු වටා මේ කතාව ගෙතී ඇත. Hari සහ Vikas යන චරිත හරහා දිගහැරෙන මේ අඳුරු නඩු විභාගය තුළින් ගම්‍ය වන්නේ හුදු අපරාධයක් පමණක් නොවේ. මහේස්ත්‍රාත්වරයෙකුගේ මැදිහත්වීමෙන් ලැබෙන “නව ජීවනයක්” පිළිබඳව කියවෙන මේ කතාව, නීතියේ හිඩැස් සහ මනුෂ්‍ය ස්වභාවයේ අඳුරු පැතිකඩ විවරණය කරයි. උසාවි කාමරය තුළ දිගහැරෙන මේ සත්‍යය කුමක්ද?