ඇමරිකානු ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරෙකු අමානුෂික ලෙස ඝාතනයට ලක්වීමත් සමඟින්, කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව රහසිගත යුද්ධයක් ආරම්භ වෙනවා. මේ අතරතුර, පිළිකා රෝගයෙන් පෙළෙන අද්මිරාල් ග්‍රියර් වෙනුවට CIA හි වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙන ජැක් රයන් (Jack Ryan) මේ ඝාතන පිටුපස ඇති අඳුරු රහස් හාරා අවුස්සන්නට පටන් ගන්නවා. ඔහු සොයාගන්නවා තමන්ගේම ඇමරිකානු ආණ්ඩුවෙන්, ජනාධිපතිවරයාගේම අනුදැනුම මත නීතිවිරෝධී හමුදා මෙහෙයුමක් කොලොම්බියාවේ ක්‍රියාත්මක වන බව. සත්‍යය සොයා යන රයන්ට, බලයේ ඉහළම තැන්වල සිටින දූෂිත නිලධාරීන්ගෙන් එල්ල වන තර්ජන මැද, සතුරු භූමියක තනිවුණු ඇමරිකානු සෙබළුන් පිරිසක් බේරාගැනීමටත්, දේශපාලන කුමන්ත්‍රණයක් ලෝකයට හෙළි කිරීමටත් තම ජීවිතය පරදුවට තැබීමට සිදුවෙනවා.