Micah Lyons ගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් හැඩවුණු මෙම චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ Emma Wallace (Lexi Rabe) නම් කුඩා දැරිය වටායි. ඇගේ පවුල අතිශය කුරිරු මැරයෙකු වන Harrison Griggs විසින් අමු අමුවේ ඝාතනය කරනවා. තනිවෙන මේ දැරියට අහම්බෙන් මුණගැහෙන්නේ සිවිල් යුද්ධයේ ප්‍රවීණයෙකු මෙන්ම දැනට පලායන අපරාධකරුවෙකු වන Adam Lynch වයි. ඔහුව හැඳින්වෙන්නේ ‘The Butcher’ හෙවත් මස් වැද්දා යන අන්වර්ථ නාමයෙන්. මේ නොගැලපෙන යුගලය එකතු වී ග්‍රිග්ස් සහ ඔහුගේ මැර කල්ලිය Pine Moore නම් මුළු නගරයම අත්පත් කර ගැනීමට පෙර ඔවුන්ව නැවැත්වීමට දරන උත්සාහය මෙහි මනාව නිරූපණය වෙනවා