සමහර වෙලාවට සමාජයෙන් කොන් කරපු, වැරදි මාර්ගවල ගිය අයට ආදරයෙන් සලකනවාට වඩා දැඩි විදිහට මුහුණ දෙන්න වෙන අවස්ථා තියෙනවා. Bad Girl Sunday School (2025) කියන්නේ අන්න ඒ වගේ Psychological Drama සහ Suspense කාණ්ඩයන්ට අයත් වෙන අපූරු Indie (අඩු පිරිවැය) සිනමා නිර්මාණයක්. මේක හොලිවුඩයේ මහා දැවැන්ත බජට් එකකින් කරපු ෆිල්ම් එකක් නෙවෙයි, හැබැයි චරිතවල මනෝවිද්‍යාත්මක ස්වභාවය සහ ඔවුන් මුහුණ දෙන අභ්‍යන්තර අරගලය ඉතාමත් අපූරුවට මේ පැයයි විනාඩි 8ක ධාවන කාලය ඇතුළත නිරූපණය කරලා තියෙනවා. Cinema Epoch නිෂ්පාදනයක් විදිහට එළියට ආපු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ වගේම මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේත් Jamie Grefe විසින්මයි.කතාව ගෙතෙන්නේ ලොස් ඇන්ජලීස් වල තියෙන “Brunswick II” කියන විශේෂිත පාසලක් වටා. මේ පාසල පාලනය කරන්නේ Dr. Bill Race (Chris Spinelli). හැබැයි එයා මේ වෙද්දි ඉන්නේ ලොකු අමාරුවක. එයාට විරුද්ධව තියෙන රහසිගත ගොනු (Files) වගයක් ලීක් වෙයි කියන බයට එයාට අලුත් උපදේශකයෙක්ව ගෙන්නන්න සිද්ධ වෙනවා. ඒ තමයි John Mahler. Mahler ට පැවරෙන රාජකාරිය ලේසි නෑ. එයාට තියෙන්නේ මේ පාසලේ ඉන්න දඩබ්බර, මුරණ්ඩු තරුණියන් දෙදෙනෙක්ව යහමගට ගන්න එක. * Lena (Ava Westcott): තමන්ගේම සුළු පියාගේ නිවසට ගිනි තියපු, ඒ නිසාම හිතේ ලොකු කෝපයක් හිරකරගෙන ඉන්න කෙනෙක්. * Elise (Tessa Raine): තමන්ගේ අම්මා මත්ද්‍රව්‍ය වැඩිපුර අරගෙන තමන්ගේ ඇස් ඉස්සරහාම මිය ගිය එක ගැන වරදකාරී හැඟීමකින් පෙළෙන කෙනෙක්.