මේ කතාව පටන් ගන්නේ සාෂා සහ එයාගේ සැමියා ටොමී කන්දක් නගින්න යන තැනින්. මෙයාලා දෙන්නාම අලුත් දේවල් ට්‍රයි කරන්න, අවදානම් ගන්න මාරම ආස ජෝඩුවක්. ඒත් මේ ගමන අතරතුර වෙන දරුණු අනතුරකින් ටොමී කන්දෙන් පහළට වැටිලා මැරෙනවා. තමන්ගේ සැමියාගේ මරණයෙන් පස්සේ හිත හදාගන්න බැරිව ලොකු දුකකින් ඉන්න සාෂා, හිතේ නිදහස හොයාගෙන කැලෑවක් මැද තනියම කෑම්පින් කරන්න යනවා. එහේදි එයාට බෙන් කියන කෙනාව හම්බවෙනවා. බැලූ බැල්මට බෙන් සාමාන්‍ය කෙනෙක් වගේ පෙනුණට, එයා කියන්නේ මිනිස්සුන්ව දඩයම් කරන්න ආස කරන මාරම දරුණු සීරියල් කිලර් කෙනෙක්. මෙතනින් පස්සේ තමයි නියම සෙල්ලම පටන් ගන්නේ. තමන්ගේ බඩුමුට්ටුත් නැතිවෙලා, කැලේ මැද අතරමං වෙලා ඉන්න සාෂාට, මේ දරුණු මිනීමරුවාගෙන් බේරිලා පණ බේරගන්න පුළුවන් වෙයිද? කතාව පුරාවටම තියෙන්නේ වෙනස්ම අත්දැකීමක්. කම්මැලි නැතුව එක හුස්මට බලන්න පුළුවන්.