Frank Castle එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න ‘The Punisher’ කියන්නේ තමන්ගේ ආදරණීය පවුල අහිමි වීමේ දැඩි වේදනාව නිසා, නීතියෙන් ගැලවෙන අපරාධකරුවන්ගෙන් අනුකම්පාවකින් තොරව පළිගන්නා සුවිශේෂී චරිතයක්. මේ නිර්මාණයෙන් දිගහැරෙන්නේ ඔහුගේ ඒ කුරිරු පළිගැනීමේ ගමනේ තවත් එක් තීරණාත්මක, ඒ වගේම අවසාන සටනක් විය හැකි මෙහෙයුමක් ගැනයි. තමන්ගේ අතීත මතකයන්, විශේෂයෙන්ම මියගිය දියණියගේ හඬ මනස පුරා දෝංකාර දෙද්දී, අපරාධකරුවන්ගේ ලේ පිපාසයෙන් පෙළෙන Frank ගේ මේ අලුත්ම මෙහෙයුම කෙබඳු වේවිද? ඔහුට මේකෙන් පස්සේවත් සාමකාමී ජීවිතයක් ගත කරන්න හැකි වේවිද?