ඉස්කෝලේ කාලේ, කැම්පස් කාලේ “කිසිම කමකට නැති එවුන්” කියලා මුළු ගමෙන්ම අහගත්ත කොල්ලො සෙට් එකකට, ඇත්තටම ජීවිතේ අභියෝගවලට මුහුණ දෙන්න වුණොත් මොකද වෙන්නේ? 2024 අවුරුද්දේ තිරගත වුණු Vaazha පළමු චිත්‍රපටය ලංකාවේ ප්‍රේක්ෂකයින් අතරෙත් පිස්සුවක් හැදුවා මතක ඇති. අන්න ඒ කතාවේ ඊළඟ දිගහැරුම තමයි මේ Vaazha II: Biopic of a Billion Bros (2026) විදිහට අපේ තිරයට එන්නේ. කතාව ආරම්භ වෙන්නේම අපේක්ෂා නොකළ දුක්බර සිදුවීමකින්. ඒ තමන්ගේම සහෝදරයෙක් වගේ හිටපු කෙනෙක්ගේ අවමඟුලකින්. ඒත් ඒ දුක මැදින් වුණත් මේ කොල්ලො ටික තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරන් යන විදිහ මේ චිත්‍රපටයේ Comedy සහ Drama මුසු කරමින් අපූරුවට නිරූපණය කරලා තියෙනවා.මෙවරත් කතාවේ තිර රචනය සුපිරි අධ්‍යක්ෂක Vipin Das ගෙන්. ඒ වගේම අපිට පළමු කතාවේ හමුවුණු Joemon Jyothir, Siju Sunny, සහ Hashir ඇතුළු යොවුන් රංගන ශිල්පීන් රැසක් මේ දෙවැනි කොටසටත් එකතු වෙලා තියෙනවා. මේ පාර කතාවේ තේමාව වෙන්නේ නිකම්ම නිකන් රස්තියාදු ගහන එක නෙමෙයි, සහෝදරත්වය (Brotherhood) සහ එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීම කියන කාරණායි.