ගෙදරින්, ඉස්කෝලෙන්, සමාජයෙන් මේ වගේ කතා අහලා නැති පිරිමි ළමයෙක් ලංකාවේ හොයාගන්න බැරි තරම්. තමන්ගේ දෙමාපියන්ගේ ලොකු ලොකු හීන වලට කරගහන්න බැරුව, ඉගෙනීමටත් දක්ෂ නැති, සාමාන්‍ය විදිහට ජීවිතේ ගෙවන කොල්ලො සෙට් එකක් දිහා අපේ සමාජය බලන්නේ හරියට කිසිම වැඩකට නැති “අපතයෝ” ටිකක් දිහා බලනවා වගේ. මේ කතාව ගෙතෙන්නේ අන්න ඒ වගේ කොල්ලො ටිකක් වටා. Vaazha: Biopic of a Billion Boys (2024) කියන්නේ තරුණ ජීවිතේ ඇත්තම තත්ත්වය හිනාවෙවී, ඒත් ඇහැට කඳුළක් එන විදිහට බලන්න පුළුවන් සුපිරිම Comedy සහ Drama ඝනයට අයත් මලයාලම් සිනමාපටයක්.මේ චිත්‍රපටයේ තිර රචනය සිදු කරන්නේ මෑතකදී අතිශය ජනප්‍රිය වුණු Jaya Jaya Jaya Jaya Hey සහ Guruvayoor Ambalanadayil වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Vipin Das විසින්. ඒ වගේම Anand Menen ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මෙහි ප්‍රධාන චරිත සඳහා Siju Sunny, Amith Mohan Rajeswari, Joemon Jyothir වැනි යොවුන් නළු පිරිසක් දායක වෙනවා. විශේෂයෙන්ම ජනප්‍රිය නළු Basil Joseph ගේ අපූරු රංගනයකුත් මෙහි දැකගන්න පුළුවන්.