හිතන්න ඔයා යාළුවත් එක්ක ගුවන් තොටුපළක ඉන්නවා. වැරදීමකින් ඔයාලගේ අතට පත් වෙන්නේ භයානක මාෆියා කල්ලි නායකයෙකුගේ රහස් තොරතුරු පිරුණු සූට්කේස් එකක්. දැන් මාෆියාවෙන් ඔයාලව මරන්න පන්නනවා. බේරෙන්න තියෙන එකම විදිහ මොකක්ද? මේ කතාවෙ ඉන්න Frank ලා දෙන්නා තෝරගන්නේ හිතාගන්නවත් බැරි විදිහක්. ඒ තමයි රූපලාවන්‍ය ශිල්පිනියන් විදිහට වෙස්වළාගෙන රූ රැජින තරගයකට රිංගන එක! හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ තරගය ස්පොන්සර් කරන්නේ අර මාෆියා නායකයාම වීමයි.1992 වසරේ නිකුත් වුණු The Naked Truth කියන්නේ Comedy, Crime සහ Romance කියන ශානරයන්ට අයත් වෙන B-movie ගණයේ ෆිල්ම් එකක්. කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි Robert Caso (Frank I / Ethel) සහ Kevin Schon (Frank II / Mirabelle). මාෆියා ලොක්කා විදිහට රඟපාන්නේ Brian Thompson. මේක ලොකු බජට් එකකින් කරපු හොලිවුඩ් මාස්ටර්පීස් එකක් නෙමෙයි. ඒත් කිසිම කම්මැලිකමක් නැතුව, නිදහසේ හිනා වෙවී බලන්න පුළුවන් පැය එකහමාරක් මේකෙ තියෙනවා. මේ ෆිල්ම් එකේ දෙබස් ගොඩක් දුරට වැඩිහිටියන්ට පමණක් ගැළපෙන හාස්‍යයෙන් (Adult Humor) පිරිලා තියෙනවා. ඒ නිසාම මේ උපසිරැසියත් කිසිම වාරණයක් නැතුව, ඔයාලට නියම රසය දැනෙන විදිහට සාමාන්‍ය කතා කරන භාෂාවෙන්මයි (Colloquial Sinhala) අරගෙන ඇවිත් තියෙන්නේ.