ඔන්න එහෙනම් කාලයක ඉඳන් මම බලාපොරොත්තු වුණු, ඒ වගේම අපේ උපසිරැසි රසිකයන් හැමෝම මග බලාගෙන හිටපු දැවැන්තම සිනමා අත්දැකීමක් අරගෙන ආවා. මේක මගේ 162 වැනි උපසිරැසි නිර්මාණය. මගේ 160 වැනි නිර්මාණය විදිහට Roohi (2021) සහ 161 වැනි නිර්මාණය විදිහට Munjya (2024) උපසිරැසි ගැන්වූයේ විශේෂ අරමුණක් ඇතිවයි. ඒ තමයි බයිස්කෝප් සිංහලෙන් අඩවියේ Maddock Horror-Comedy Universe එකට අයත් චිත්‍රපටවල පැවති අඩුව සම්පූර්ණ කිරීම. දැන් මේ Stree 2 සමඟින්, Maddock විශ්වයේ මේ දක්වා නිකුත් වූ සියලුම චිත්‍රපටවලට උපසිරැසි ලබා දී එම එකතුව සම්පූර්ණ කිරීමට අපට හැකි වෙලා තියෙනවා. (මීට පස්සේ ආව Thamma (2025) චිත්‍රපටයට වෙනත් උපසිරැසිකරුවෙක් දායකත්වය ලබා දී ඇති නිසා, දැන් මේ සිනමා විශ්වය නැරඹීමට බලාපොරොත්තු වන ඔබට සියලුම නිර්මාණ සිංහල උපසිරැසි සමඟින් රසවිඳීමේ හැකියාව ලැබෙනවා). මොකක්ද මේ Maddock Horror-Comedy Universe එක? සරලවම කිව්වොත් මේක Marvel සිනමා විශ්වය වගේම එකිනෙකට සම්බන්ධ චිත්‍රපට මාලාවක්. ඉන්දියානු ජනප්‍රවාද සහ මිථ්‍යා කතාවල එන අද්භූත බලවේග, හාස්‍යයත් එක්ක මුසු කරලා තමයි මේ විශ්වය නිර්මාණය වෙන්නේ. Stree හරහා ආරම්භ වුණු මේ ගමන, Bhediya (වෘක මිනිසා), Munjya (ගසක වසන ප්‍රේතයා) හරහා ගලාගෙන ඇවිත් Stree 2 තුළින් මේ හැම චරිතයක්ම එකම තැනකට මුණගස්වන තැනට පත් වෙලා තියෙනවා. මේ හැම චිත්‍රපටයකම අවසානය තවත් චිත්‍රපටයකට පාලමක් හදන නිසා මේක හරිම ආකර්ෂණීය අත්දැකීමක්. චිත්‍රපටයේ කතාව (Spoiler Free): කතාව ආරම්භ වෙන්නේ මීට අවුරුදු කිහිපයකට කලින් “ස්ත්‍රී” ගෙන් බේරුණු චන්‍දේරි පුරවරයෙන්. දැන් චන්‍දේරි වැසියන්ට තවත් අලුත් කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි “සර්කටා” (Sarkate). ඔහු හිසක් නොමැති බියකරු රකුසෙක්. නගරයේ නූතන අදහස් ඇති කාන්තාවන්ව ඉලක්ක කරගෙන මේ රකුසා දියත් කරන භීෂණය නිසා මුළු චන්‍දේරියම නැවතත් භීතියට පත් වෙනවා. විකී (Rajkummar Rao) සහ ඔහුගේ මිතුරන් කණ්ඩායම නැවතත් කරළියට එන්නේ මේ සර්කටාගේ රහස සොයාගෙනයි. මේ ගමනේදී ඔවුන්ට අද්භූත තරුණියගේ (Shraddha Kapoor) උදව් ලැබෙන්නේ කොහොමද? සර්කටා සහ ස්ත්‍රී අතර තියෙන සම්බන්ධය මොකක්ද? මේ සියල්ලටම පිළිතුරු අතිශය හාස්‍යජනක සහ කුතුහලයෙන් පිරුණු ජවනිකා රැසක් සමඟින් ඔබට නරඹන්න පුළුවන්. මෙහි ඇති විශේෂම දේ තමයි Maddock විශ්වයේ අනෙකුත් චරිත මෙයට සම්බන්ධ වන ආකාරය. ඔබ Bhediya සහ Munjya නරඹා ඇත්නම්, මෙහි එන සමහර විශේෂ දර්ශන (Cameo appearances) ගැන ඔබ පුදුමයට පත් වේවි! ඉතින්, Maddock Horror-Comedy Universe එකේ මේ දැවැන්ත සන්ධිස්ථානය රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා. නැරඹිය යුතු පිළිවෙළ: Stree (2018) Roohi (2021) Bhediya (2022) Munjya (2024) Stree 2 (2024) Thamma (2025)