සුභ දවසක්! ඔන්න පොරොන්දු උනා වගේම මේ චිත්‍රපටයටත් ඉක්මනටම උපසිරැසිය අරගෙන ආවා. කලින් උපසිරැසි වලට අදහස් දක්වලා තිබුනු අයට ස්තූතියි. හරි එහෙනම් අපි මේ චිත්‍රපටය ගැන කතා කරමු. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ Scary Movie 5 චිත්‍රපටයයි. කලින් චිත්‍රපට වගේම සුපිරිම කොමඩියක් කියලා කියන්න පුළුවන්. ඩොලර් මිලියන 20 කට ආසන්න වියදමකින් නිෂ්පාදනය වූ මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 78 කට ආසන්න ආදායමක් ලබාගන්න සමත් වී තිබෙනවා. ඒ වගේම චිත්‍රපට මාලාවේම අවම අදායමට හිමිකම් කියන්නෙත් මේ චිත්‍රපටයයි. ඒ වගේම IMDb අගය 3.6 ක් ලබාගෙන තිබෙනවා. මෙහි එවකට ජනප්‍රිය වී තිබුණු Mama (2013), Evil Dead (2013), Rise of the Planet of the Apes (2011), Paranormal Activity, Inception (2010) වැනි චිත්‍රපට රාශියක් හාස්‍යයට ලක් කරමින් නිර්මාණය කරලා තිබෙනවා. ප්‍රධාන නළු නිළියන් ලෙස Ashley Tisdale, Simon Rex සහ Erica Ash රංගනයෙන් දායක වන අතර, Charlie Sheen සහ Snoop Dogg ගේ විශේෂ රංගනයන් මෙහි ඇතුළත් වෙනවා. චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කියනවා නම්, මෙවර කතාව ගෙතෙන්නේ අලුතින් නිවසකට පදිංචියට යන ජෝඩුවක් වටායි. ඔවුන්ට ඒ නිවසේදී අද්භූත බලවේගයකට මුහුණ දීමට සිදු වෙනවා. කැලෑව මැද තිබෙන ලී මන්දිරයකින් හමුවන “අද්භූත පොතක්” නිසා මුළු පවුලම අමනුෂ්‍ය භීෂණයකට ලක් වෙනවා. ඒ අස්සේ සිදුවන පිස්සු විකාර වැඩ බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා . ඉතින් යාලුවනේ, චිත්‍රපටය බලලා මේ උපසිරැසියේ ගුණ දොස් තියෙනවානම් ඒ ගැන පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉක්මනින්ම තවත් සුපිරිම චිත්‍රපටයකින් හමුවෙමු. හැමෝටම ස්තූතියි! ( ඊළග ෆිල්ම් එකත් ලගදීම එනවානෙ ආපු ගමන් ඒකටත් සබ් එක ඉක්මනින්ම දෙන්න පොරොන්දු වෙනවා. )