අවුරුදු දහයකට පස්සේ තමන්ගේ ගමට එන තරුණයෙක්, තමන්ගේ ආදරය දිනාගන්න හදනකොට මුළු ගමක් බියෙන් වෙව්ලන අතීත ශාපයකට මැදි වුණොත් මොකද වෙන්නේ? අද අපි කතා කරන්නේ ප්‍රේක්ෂකයින්ව බියෙන් වගේම හිනාවෙන් කුල්මත් කරන, අතිශය ජනප්‍රිය වුණු 2026 වසරේ තෙළිඟු සිනමාවට ආපු Horror Comedy සලරුවක් ගැනයි.කතාව ගෙතෙන්නේ ගමේ තියෙන අද්භූත බලකොටුවක් සහ ඒ හා බැඳුණු අවුරුදු 2000ක් පරණ ශාපයක් වටා. මේ බලකොටුවේ ඉන්නවා කියන යක්ෂයාව සතුටු කරන්න කලින් කලට බිලි පූජා දෙන්න ගමේ අයට සිද්ධ වෙනවා. මේ අතරේ තමයි අමෙරිකාවේ ඉඳන් Veeru (එහෙමත් නැත්නම් Eera Babu) තමන්ගේ පරණ ආදරේ වෙන Sukanya ව හොයාගෙන ගමට එන්නේ. හැබැයි එයා එනකොටත් Sukanya වෙන කෙනෙක්ව කසාද බඳින්නයි ලෑස්තිය. මේ ප්‍රශ්න අතරේ, Somu නැමැති ගමේ පුද්ගලයෙක් අතුරුදන් වීමත් එක්ක කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ගමේ නීති කඩපු නිසාත්, මේ මිනීමැරුමට සැකපිටත් ගමේ සභාව තීරණය කරනවා මීළඟට යක්ෂයාට බිලි දෙන්න ඕනේ Veeru ව කියලා. අකමැත්තෙන් වුණත් බලකොටුව ඇතුළට යන Veeru ට අත්විඳින්න වෙන්නේ හිතාගන්නවත් බැරි දේවල් ටිකක්. ඇත්තටම බලකොටුව ඇතුළේ ඉන්නේ යක්ෂයෙක්ද? අතුරුදන් වුණු Somu ට මොකද වුණේ? මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර කුතුහලයෙන් පිරුණු විදිහට චිත්‍රපටය පුරාවටම බලාගන්න පුළුවන්.