සුභ දවසක් වේවා හැමෝටම ඔන්න අද මම අරන් ආවෙ මළයාලම් ෆිල්ම් වලින් මේ වසරේ සුපර් හිට් වුන ෆිල්ම් එකක්. Prakambanam 2026. මේක හැමෝගෙම ගොඩක් අවධානය දිනාගත්ත චිත්‍රපටයක්. මොකද කියනවනම් ආදායම් අතින් අති සාර්තක ෆිල්ම් එකක් වගේම මේකට හොදට IMDB අගයකුත් ලැබිලා තියෙනවා දැනට. විචාරකයන් කියන විදිහට මේ වසරේ ඉතා සුවිශේශී චිත්‍රපටයක් Directr- Vijesh Panathur Stars – Rajesh, MadhavanSagar, SuryaSheethal, Joseph මේක Horror/comedy ගණයට අයත් ෆිල්ම් එකක්. පැය දෙකයි විනාඩි අටක කාලයක් දිවෙන මෙය ලොවපුරා ආදායම ඉන්දීය රුපියල් කෝටි 20.86 පමණ ලබා ගෙන තියෙනවා කියලා සදහන් වෙනවා. මේක ඇත්තටම Box office movie එකක්. 2026.01.30 සිනමාහල් හරහා තිරගත වූ මෙය මේ මාසෙ 13 වෙනිදා අන්තර්ජාලයට නිකුත් වුනා. ඉතින් නිකුත් වුන පහුවදාම මම මේකට සබ් එක හදන වැඩේ පටන් ගත්තා කතාව පැත්තට ගියොත් කැම්පස් එකේ යාලුවො තුන්දෙනෙක් ඉන්නවා, එක්කෙනෙක්ගෙ නම සිද්දු ඉතින් එයාට හදිස්සියෙ ආරංචි වෙනවා එයාගෙ ආච්චි නැතිවෙලා කියලා ඉතින් මෙයා අවසන් කටයුතුවලට ගෙදර යනවා. ඒ වැඩටික ඉවර වුනාම සිද්දුගෙ සීයා ආච්චිගෙ භශ්මාවශේශ දෙනවා සිද්දුට කාසිවලට ගිහින් දාන්න කියලා. සිද්දු බෑ නොකියා ඒක බෑග් එකේ දාගෙන අරන් එනවා. මෙයා අරන් එන්නෙ ඒක පොඩි බෝතලේක. ඊට පස්සෙ පුන්‍යාලන් සිද්දුගෙ යාලුවෙක් ඒක කුඩු කියලා හිතලා නහයෙන් අදිනවා ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකො ඒනම්. ඇත්තටම මේක කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරි චිත්‍රපටියක් කීවොත් හරි මම. ඉතින් ඔයාලට මේ මළයාලම් ෆිල්ම් එක බලන්න කියලා ආරධනා කරන ගමන් මම සමුගන්නවා. අලුත් උපසිරැසියකින් අපි ආයෙ හමුවෙමු. ගිහින් එන්නම් සුභ දවසක්!