අද මම ඔයාලට අරන් ආවේ මේ වසරේ තිරගත වුනු outcome චිත්‍රපටය මොකක්ද මේ “Outcome” කතාව? මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ අයිරා කියන පුද්ගලයා. අයිරා කියන්නේ කලින් හිටපු, දැන් ජනප්‍රියත්වය ගිලිහුණු හොලිවුඩ් තරුවක්. එයා දැන් උත්සාහ කරන්නේ තමන්ගේ වැරදි හදාගෙන, මත්පැන්වලට ඇබ්බැහි වුණු ජීවිතයෙන් මිදිලා ආපහු තමන්ගේ තැන හදාගන්න. හැබැයි අයිරාට ඒක ලේසි වෙන්නේ නැහැ. එයාගේ අතීතයේ තිබුණු අඳුරු රහසක් ඇතුළත් වීඩියෝවක් කවුරුහරි අරගෙන එයාගෙන් සල්ලි ඉල්ලලා තර්ජනය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ තර්ජනයෙන් බේරෙන්න නම් එයාට සිද්ධ වෙනවා එයා අකමැතිම පරණ යාළුවන්ව හමුවෙලා, තමන් අතීතයේ කරපු පව්වලට වන්දි ගෙවන්න. මේක නිකම්ම නිකම් ඩ්‍රාමා එකක් නෙවෙයි, කළු හාස්‍යය (Black Comedy) සහ කුතුහලය පිරුණු අපූරු ගමනක්. මෙහි ,අධ්‍යක්ෂණය: මේක අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රසිද්ධ නළු Jonah Hill. තිර රචනය: Jonah Hill සහ Ezra Miller එකතු වෙලා තමයි මේ අපූරු තිර පිටපත ලියලා තියෙන්නේ. නිෂ්පාදනය: Apple Studios cast: Keanu Reeves: “ජෝන් වික්” (John Wick) එහෙමත් නැත්නම් The Matrix චිත්‍රපටයේ “නියෝ” තමයි මෙහි ප්‍රධාන චරිතය වන අයිරට පණ පොවන්නේ. Matt Damon: The Martian සහ Jason Bourne චිත්‍රපට මාලාවෙන් ලෝකයම හඳුනන මැට් ඩේමන් මෙහි ප්‍රධාන චරිතයකට දායක වෙනවා. Cameron Diaz : වසර ගණනාවක විවේකයකින් පස්සේ නැවතත් රංගනයට එන කැමරන් ඩයස් මෙහි ප්‍රධාන නිළියක් ලෙස දකින්න ලැබෙනවා. Jonah Hill: අධ්‍යක්ෂණයට අමතරව ඔහුත් මෙහි විශේෂ චරිතයක් රඟපානවා. සබ් එක අදහසක් යටින් දාගෙන යන්නත් අමතක කරන්න එපා….