සේතු කියන්නේ මානසික ආබාධයකින් පෙළෙන තමන්ගේ සහෝදරයා වන මධුව බලාගන්නා අහිංසක සෞඛ්‍ය සේවකයෙක්. මධුට නිතරම තම මියගිය මාමා කෙනෙකු වන ‘මාකෝස්’ පෙනෙන අතර, ඔහුව සන්සුන් කිරීමට සේතුටම මාමා ලෙස රඟපෑමට පවා සිදුවෙනවා. නමුත් ඔවුන්ගේ මේ අසාමාන්‍ය එහෙත් නිහඬ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙන්නේ, පොලිසියෙන් බේරී පලායන සන්නද්ධ ‘මාවෝවාදී’ කැරලිකරුවෙකු (Maoist fugitive) හදිසියේම ඔවුන්ගේ නිවසට කඩා වැදීමත් සමඟයි. තමන්ගේ අමුතු සහෝදරයාවයි, තුවක්කුවක් මානගෙන ඉන්න අපරාධකරුවෙකුවයි එකම වහලක් යට තියාගෙන සේතුට මුහුණදෙන්න වෙන අකරතැබ්බයන් තමයි මේ කතාවෙන් දිගහැරෙන්නේ.