ඔන්න එහෙනම් මගේ 161 වැනි උපසිරැසි නිර්මාණය විදිහට, මෑතකදී ඉන්දියානු සිනමාව ඇළලූ Maddock Horror-Comedy Universe එකේ අලුත්ම සාමාජිකයෙක් අරගෙන ආවා. ඒ තමයි 2024 වසරේ අතිශය ජනප්‍රිය වුණු “Munjya” චිත්‍රපටය. මීට කලින් මම මගේ 160 වැනි නිර්මාණය විදිහට “Roohi” චිත්‍රපටය ඔබ වෙත ගෙන ආවා මතක ඇති. Maddock සිනමා විශ්වයේ නිර්මාණ එකතුව සම්පූර්ණ කිරීමේ අරමුණින් තමයි මම “Munjya” සඳහාත් උපසිරැසි ගැන්වීමට තීරණය කළේ. මෙම කතාව නිර්මාණය වෙලා තියෙන්නේ ඉන්දියානු ජනප්‍රවාදවල එන “මුන්ජ්යා” කියන අද්භූත චරිතය වටායි. තමන්ගේ ඉටු නොවූ ආශාවක් නිසා ගසක සිරවී සිටින මේ පුංචි ප්‍රේත ආත්මය, වසර ගණනාවකට පස්සේ නැවතත් තමන්ගේ පරම්පරාවේ තරුණයෙක් හරහා කරළියට එනවා. හාස්‍යයත්, කුතුහලයත්, බයත් උපරිමයෙන් මුසු වුණු මේ කතාවේ, මුන්ජ්යාගේ මේ ආශාව ඉටු කරගන්න යන ගමන හරිම අපූරුවට දිග හැරෙනවා. විශේෂයෙන්ම මෙහි එන තාත්වික CGI නිර්මාණ සහ කුතුහලය පිරුණු ගලායාම නිසා චිත්‍රපටය එක හුස්මට බලන්න පුළුවන්. Stree සහ Bhediya චිත්‍රපටවලට ඔබ කැමති නම්, අනිවාර්යයෙන්ම නැරඹිය යුතු තවත් අත්දැකීමක් තමයි මේක. Maddock Horror-Comedy Universe එක පිළිවෙළට නරඹන්න කැමති අයට මේ ලැයිස්තුව ප්‍රයෝජනවත් වේවි: Stree (2018) Roohi (2021) – (සෘජුව සම්බන්ධ නොවේ) Bhediya (2022) Munjya (2024) Stree 2 (2024) Thamma (2025) අභියෝගාත්මක නිර්මාණයක් වුණු මේ උපසිරැසියත් රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මගේ මේ ගමනට ශක්තියක් වෙන ඔයාලා හැමෝටම ස්තූතියි!