2026 වසරේ තෙළිඟු සිනමාවට එක්වුණු අලුත්ම චිත්‍රපටයක් තමයි Lechindi Mahila Lokam කියන්නේ. විවාහ ජීවිතයේ යථාර්ථය, ආදරය සහ කාන්තා අයිතිවාසිකම් ගැන හාස්‍යයත් මුසු කරමින් කතා කරන අපූරු Family Drama / Comedy නිර්මාණයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. කතාව පටන් ගන්නේ හරිම සුන්දර විදිහට. ආදරෙන් බැඳිලා එකට ජීවත් වෙන්න පටන් ගත්තත්, ටික කාලයක් යද්දි සැමියා සහ බිරිඳ අතර ඇතිවන ගැටුම් මෙහි ඉතා තාත්විකව පෙන්නුම් කරනවා. “ඔයා මෝඩ ගෑනියෙක්, ඇයි ඔයා හැමදාම වෙනස්කම් ඉවසන්නේ?” වගේ දෙබස් හරහා මේ කතාව සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා. සාමාන්‍ය පවුල් ප්‍රශ්න, කම්මැලිකමක් නැතුව හිනාවෙවී බලන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙන එක තමයි මෙහි ඇති විශේෂත්වය.