විවාහයක් කියන්නේ සමහරුන්ට ආදරයේ සංකේතයක් වුණත්, තවත් සමහරුන්ට ඒක විදේශගත වෙන්න තියෙන හොඳම අවස්ථාවක් වෙන්න පුළුවන්. හරියටම අපේ කතාවේ ප්‍රධාන චරිතය වන චන්තු ට වගේ! 2026 වසරේදී manoramaMax හරහා නිකුත් වූ Kidilam Paru මලයාලම් සිනමාපටය, හාස්‍යය සහ ආදරය අපූරුවට මුසු කළ කදිම නිර්මාණයක්.චන්තු බලාපොරොත්තු වෙන්නේ පාරු ව කසාද බැඳලා විදේශ රටකට පැනගන්නයි. ඒත් මේ කතාව එච්චර ලේසි වෙන්නේ නෑ. මොකද මේ අතරට එනවා ශරත් කියන තරුණයා. ඔහුට ඕනෙ කරන්නේ පාරු එක්ක සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නයි. මේ තුන්දෙනාගේ ජීවිත එකිනෙකට පැටලීමත් සමඟ ඇතිවන හාස්‍යෝත්පාදක සිදුවීම් දාමය මේ චිත්‍රපටය පුරාවටම දැකගන්න පුළුවන්.