XStream.lk

How to Make a Killing

HD 105 min 2026

How to Make a Killing

7.0

හව් ටු මේක් අ කිලින්ං කියන්නේ, උපතේ සිටම තමන්ගේ ධනවත් පවුලෙන් ප්‍රතික්ෂේප වුණු “බෙකට් රෙඩ්ෆෙලෝ” ගැන කතාවක්. ජීවිතේ අහිමි වුණු දේ නැවත ලබාගන්න ඔහු තීරණය කරනවා ,ඒකට යන්නෙ තවත් බරපතලම මාර්ගයක්. තමන්ට හිමි විය යුතු වාසිය (inheritance) ලබාගන්න, එයා තමන්ගේම පවුලේ සාමාජිකයන් එකින් එක ඉවර කරගෙන යනවා. කතාව තවත් රසවත් වෙන්නේ, එයා මේ සියල්ල කරලා අවසානයේ මරණ දණ්ඩනයට මුහුණ දෙමින්, පූජකයෙකුට තම කතාව කියන තැනින්. පළිගැනීම, ලෝභය, සහ ජීවිතයේ “අයිතිය” කියන අදහස එකතු වෙලා, කතාව විනෝදාත්මක ලෙස ගලා යනවා. — ⚡ විශේෂත්වය මෙය 1949 දී නිකුත් වූ “කයින්ඩ් හාර්ට්ස් & කොරොනෙට්ස්” කියන චිත්‍රපටයෙන් සෘජුවම ආභාෂය ගත්ත, අලුත් විනෝදාත්මක ත්‍රිල්ලර් එකක්. කතාව ඉක්මන් ගමනකින්, ටිකක් ඕවර් ද ටොප් විදිහට ගලා යනවා , ඒක නිසා රියැලිස්ටික් නොවුණත්, ෆන් එකක් තියෙනවා. ග්ලෙන් පවෙල්ගේ ඇක්ටිං එක එක මේකේ ලොකු හයිලයිට් එකක් ,එයාගේ ඇක්ටිං එක නිසා ෆිල්ම් එක සුපිරියට එන්ගේජ් වෙයි. — ප්‍රතිචාර මේක ඩීසන්ට් එන්ටර්ටේයින්මන්ට් ෆිල්ම් එකක් ලෙස විවේචකයන් විසින් සලකලා තියෙනවා. කතාව ෆාස්ට් සහ එනර්ජටීක් එකක් තියෙනවා සහ කොමඩි සහ ඩ්‍රාමා එක හොඳට බැලන්ස් වෙලා තියෙනවා. ඒත්, කතාව ටිකක් ‍රියැලිස්ටික් නැහැ සහ ඊළඟට වෙන දේ හිතන්න පුළුවන් විදියේ තියෙනවා වගේම, ඩයලොග්ස්,ස්ක්‍රීන් ප්ලේ එක තවත් වෙනස් විදියට හදන්න තිබුණා.අනිත් අයගෙත් ඇක්ටිං හොඳයි, ඒත් මතක රැඳෙන ලෙවල් එකට නැති බවත් සඳහන් වුණා. 👉 බොක්ස් ඔෆික් එකේ ලොකු හිට් එකක් වුණේ නෑ, ඒත්… අවසානයේ, “හව් ටු මේක් අ කිලින්ං” කියන්නේ සුපිරි මාස්ටපීස් ෆිල්ම් එකක් නොවුණත්, රිලැක්ස් වෙලා බලන්න පුළුවන්, ෆන්, ස්ටයිලිස් ත්‍රිල්ලර් ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.

Country
Released
19 Feb, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Youth
141 min 2026

Youth

Comedy Movie
Pizza Movie
98 min 2026

Pizza Movie

Comedy Movie
The Super Mario Galaxy Movie
98 min 2026

The Super Mario Galaxy Movie

Family Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
Son of a Rich
109 min 2019

Son of a Rich

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
Love Insurance Kompany
157 min 2026

Love Insurance Kompany

Romance Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie