කතාව ගෙතෙන්නේ “අම්බලමුක්කු” කියන සුන්දර ගම්මානය සහ එහි ජීවත් වන අපූරු මිනිසුන් වටායි. Gokul Suresh විසින් නිරූපණය කරන පප්පු (Pappu) කියන්නේ මේ ගමේ ඉන්න කිසිම රැකියාවක් නොකරන, ඒත් ගමේ හැම දේකටම මැදිහත් වෙන තරුණයෙක්. කතාවේ මුල් භාගය පුරාවටම ගමේ තියෙන විහිළු තහළු සහ සරල ජීවිතය පෙන්නුවත්, එකපාරටම සිද්ධවෙන අනපේක්ෂිත අතුරුදන් වීමක් නිසා මුළු ගමම කලබල වෙනවා.