මලයාලම් සිනමාවේ එදා මෙදා තුර බිහිවුණු ආදරණීයම සහ විනෝදාත්මකම චරිතයක් තමයි Shaji Pappan කියන්නේ. ඉතින් මේ ෂාජි පාපන් සහ එයාගේ පිස්සු නඩය ආයෙමත් සැරයක් රිදී තිරයට ඇවිත් තියෙනවා Aadu 3 (2026) චිත්‍රපටය හරහා. හැබැයි මේ පාර මුන් ටික පටලවාගන්නේ සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි, මේ පාර මුන් සෙට් වෙන්නේ කෙලින්ම ටයිම් ට්‍රැවල් (Time Travel) එකකට.කතාව පටන්ගන්නේ ‘Star Dust’ කියලා හඳුන්වන අභිරහස් බලයක් තියෙන වස්තුවක් නිසා. මේක හරහා කාලය පාලනය කරන්න පුළුවන් කියලයි කියවෙන්නේ. ඉතින් මේක අපේ ෂාජි පාපන්ගේ අතට පත්වුණාම වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. Jayasurya විසින් සුපුරුදු පරිදි Shaji Pappan ගේ චරිතයට වගේම 1790 කාලයේ හිටපු පද්මනාභ රජුගේ (King Padmanabha) චරිතයටත් පණ පොවනවා. මේ අතීත කාලයේදී එයාලට මුණගැහෙනවා සුල්තාන් අසාම් ඛාන්ව (Vinayakan) සහ ලෝඩ් වෝල්ටර් ජෝසප්ව (Sunny Wayne). මේ චරිත අපි දන්න Dude ගේ සහ Saathaan Xavier ගේ අතීත භවයන්. මේ අතීත සහ වර්තමාන චරිත අතර වෙන ගැටුම තමයි චිත්‍රපටය පුරාවටම තියෙන්නේ. සුපුරුදු පරිදි Arakkal Abu විදිහට Saiju Kurup ත්, Sarbath Shameer විදිහට Vijay Babu ත් මේකට රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂණය Midhun Manuel Thomas ගෙන්.