
Avatar: Fire and Ash (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | Web Owner Sadaham
පැන්ඩෝරා ලෝකය දෙදරුම් කරවන අභ්‍යන්තර යුද්ධයක ඇරඹුම!
පළමු චිත්‍රපටයෙන් පැන්ඩෝරාහි සුන්දර වනාන්තර ද්වීපයත් (Omaticaya), දෙවැනි චිත්‍රපටයෙන් අතිවිශාල සාගර කලාපයත් (Metkayina) අප වෙත සමීප කළ ජේම්ස් කැමරන්, මෙවර Avatar: Fire and Ash තුළින් අපව රැගෙන යන්නේ පැන්ඩෝරා ග්‍රහලෝකයේ මෙතෙක් කල් සැඟවී තිබූ අඳුරුතම සහ භයානකම ප්රදේශයකටයි.
මෙහිදී ජේක් සලී (Jake Sully) සහ නෙයිතිරි (Neytiri) ඇතුළු පවුලට මුහුණ දීමට සිදුවන්නේ පෘථිවියෙන් පැමිණෙන මානව ආක්‍රමණිකයන්ට (RDA) පමණක් නොවේ. පැන්ඩෝරාහි ගිනිකඳු ආශ්‍රිතව ජීවත් වන, අතිශය ප්‍රචණ්ඩකාරී සහ ආක්‍රමණශීලී නව Na’vi ගෝත්‍රයක් වන “Ash People” (අළු මිනිසුන්) සමඟින් මෙවර ඔවුන්ට දරුණු සටනක පැටලීමට සිදුවේ.
මෙතෙක් කල් සාමකාමී සහ ස්වභාවධර්මයට ලැදි පිරිසක් ලෙස අප දුටු Na’vi වරුන් අතර, බලය තණ්හාව, වෛරය සහ ක්‍රෝධය නිසා ඇතිවන අභ්‍යන්තර ගැටුම් මෙවර කතාවෙන් ප්‍රධාන වශයෙන්ම දිගහැරේ. තමන්ගේම වර්ගයාගේ දරුණුතම සතුරන්ගෙන් සහ බාහිර බලපෑම්වලින් තම පවුලත්, සමස්ත පැන්ඩෝරා ලෝකයත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ජේක් සලී මෙහෙයවන මාරාන්තික සටන මෙවර චිත්‍රපටයේ සාරාංශයයි.